28 C
Colombo
Sunday, October 6, 2024

අතුරුගිරියේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය හමුවෙයි

- Advertisement -

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී තිබෙනවා.

අද (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන තිබුණා.

එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

අදාළ වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර, ආදායම් බලපත්‍රයේ පිටපතක්ද ඉදිරිපස වීදුරුවේ අලවා ඇති බව වාර්තා වනවා.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ, කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ.සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ගේ ආරක්ෂාව ගැන බොරු කියලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මේ වන විටත් හිටපු...

කල්ප ගුණරත්න අත්අඩංගුවට ගැනිම ගැන සජබෙන් නිවේදනයක්

පසුගිය බ්‍රහස්පතින්දා (03) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ...

මහමැතිවරණය තහනම් වු පක්ෂ මෙන්න

ඉදිරි මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 06කට තරග කිරීමට අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය,ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,එක්සත් ලංකා...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...