නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට ඉදිරි සති දෙක තුළ නව පත්වීම් ලිපි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා.
ඔහු සඳහන් කළේ දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා මෙම වෛද්‍යවරුන් අනුයුක්ත කරන බවයි.
ලේකම්වරයා පවසන්නේ, එම පිරිස අනුයුක්ත කිරීමත් සමග දැනට පවතින වෛද්‍ය හිඟය මග හැරෙනු ඇති බවයි.