24 C
Colombo
Friday, January 3, 2025

වාහන ආනයනය ගැන අදත් දැනුම්දීමක්

- Advertisement -

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියා.

වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට… පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී.”

“අපි පැහැදිලිව කියලා තියෙනවා තුන්වෙනි කාර්තුව ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, මේ වෙනකොට භාවිතා කරන විකල්ප, සාමාන්‍ය වාහන ඉන් එහාට යනවා කියලා. හැබැයි එය ඉතාමත් පිළිවෙළකට මේ වාහන ආනයනය කිරීම සාමන්‍ය ජනතාවට තියෙනවා වගේම මේ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉතාම ගැලපෙන ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරෝතතු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES