31 C
Colombo
Thursday, September 19, 2024

ක්ලබ් වසන්ත ඝාතනය: ටැටූ ආයතනයේ හිමිකරුගේ පාපොච්චාරණය

- Advertisement -

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින අදාළ ටැටූ ආයතනයේ හිමිකරු අතුරුගිරිය පොලිසියට පාපොච්ඡාරණයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ එම ආයතනය ආරම්භ කිරීමට මුදල් ලබා ගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටැටූ ආයතනයේ හිමිකරු,

“කතා කරලා ෂොප් එක දාන්න කීයක් යනවද ඇහුවා. මම කිව්වා ලක්ෂ 15ක් විස්සක් යනවා කිව්වා. ඕකෙන් හම්බ කරන්න පුළුවන්ද මල්ලී ඇහුවා රට ඉන්න පැටී. වීඩියෝ කෝල් ගන්නේ නෑ. වව්සැප් කෝල් ගන්නේ. ඊට පස්සේ එයා ලක්ෂ දෙකයි ගාණක් එව්වා එක්කෙනෙක් අතේ. ඊට පස්සේ මම ගියා ශොෂ් හොයන්න. පැටීට කිව්වා මට කඩයක් හම්බුණ කියලා. ලක්ෂ 06ක් දැම්මේ රෙන්ට් එකට ඉන්න අයියගේ එකවුන්ට් එකට. මට එකවුන්ට් එකක් තිබ්බේ නෑ. මගෙන් ඇහුවා අපේ ෂොප් එකේ ඕපනින් එකට කවුද එන්නේ කියලා. මම කිව්වා සුජීවා මිස් මම අදුනනවා එයාට එන්න කියනවා කියලා. වසන්ත අදුනනවද ඇහුවා. මම ඇහුවා මොන වසන්තද කියලා. ඊට පස්සේ කිව්වා ක්ලබ් වසන්ත කියලා. මම කිව්වා අයියේ මම පොඩි කාලෙ ඉදන් සර්ගේ වීඩියෝ බලනවා. එයා මගේ ලොකු ෆෑන් කෙනෙක්. හැබැයි මම අදුනන් නෑ කියලා මම කිව්වා. මල්ලි මිනිහට ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. එයාගේ එකෙන් අපේ පෝස්ට් එක ශෙයා කරගත්තොත් අපි ගොඩ කියලා මට කතා කරලා බලන්න කිව්වා. මම කිව්වා සම්බන්ධයක් නෑනේ කියලා. ඊට පස්සේ ස්ක්‍රීන් ශොට් එකක් දාලා තිබ්බා වසන්ත සර්ගේ මැඩම්ගේ ක්‍රීම් තියෙන තැන නම්බර් එකක් “



RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...