28 C
Colombo
Thursday, January 9, 2025

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

- Advertisement -

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පැවසෙනවා.

මෙම සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන අවස්ථාවේදි අධිකරණය ආසන්නයේ හා ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක්ද යොදා තිබුණා.

ක්ලබ් වසන්ත, පසුගිය සඳුදා (08) අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය අතර කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර ඔවුන් මේ වන විට කළුබෝවිල හා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES