26 C
Colombo
Friday, October 25, 2024

දුම්රිය වර්ජනය නිසා මගීන් අපහසුතාවයට (වීඩියෝ)

- Advertisement -

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වුණා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව අද (10) දිනයේ දැඩි අසීරුතාවට පත්වූ අතර ඊයේ රාත්‍රීයේ ද දුම්රිය මගීන් කලහකාරීව හැසිරෙන අයුරු දක්නට ලැබුණා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් මගීන් පවසා සිටියේ, ධාවනය වන දුම්රිය වල ගමනාන්තයන් පවා නොදන්නා බවත් වර්ජනයක් ක්‍රියාත්මක වන බවට තමන් නොදන්නා බවයි.

”හැමදාම ස්කෝල කියලා ළමයින්ගෙන් පලිගන්නවා.මෙහෙන් සි.ජි.ආර් එක.බලන්න කොච්චර මිනිස්සු අතරමං වෙනවද කියලා.මේ වගේ පීච්චං ආණ්ඩුවක් නාවට කමක් නැහැ” යැයි වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මගීන් පැවසුවා.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියා.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කළා

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...