31 C
Colombo
Thursday, September 19, 2024

ටැටූ ෂොප් හිමිකරුගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින ලකුණු?

- Advertisement -

අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අදාළ නඩුව අද (10) කැඳවූ අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මාධ්‍ය කැඳවා සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ලබා ගැනීමට කිසිවෙකුටත් බලයක් නොමැති බව එහිදී ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥවරයා,

”මෙම නඩුවේ පළවෙනි සැකකරුවන දුලාන් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පරකාශයක් ලබාගෙන තියෙනවා. එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේදී මාධ්‍ය කැඳවා ඔහුගේ පාපොච්චාරණය විකාශය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණය අවධානය යොමුකළා. මාධ්‍යයේ පළවූ වීඩියෝ දර්ශන සහ ඡයාරූප අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගන්න විදිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. එතකොට කිසිම අවස්ථාවක සැකකරුවෙකුගේ ප්‍රකාශයක් සජීවීව හෝ පටිගත කර දර්ශන මාධ්‍යට මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නෑ. පොලිස්පතිවරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ වෙනත් ස්ථානාධිපතිවරයෙක්ට එහෙම බලයක් ලබාදීලා නෑ. ඒ අනුව මහේස්ත්‍රාත්තුමිය විශේෂයෙන්ම සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය මැදිහත් වෙලා මේ විමර්ශනවලට මැදිහත්වීමක් වෙලා තියෙනවා කියලා. එම නිසා මේ විමර්ශන පැමිණිල්ලට වගේම විත්තියටත් සාදාරණවන ආකාරයට කරන්න ඕන කියන එක තමයි අධිකරණයේදී මතුවුණේ.”


RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...