රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප කඩිනමින් ලබාදීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද (11) උදැසන උද්ඝෝෂණයක නිරත වුණා.
තේ වතුයායේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා කිරිමට ප්‍රථමයෙන් පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා.
ඔවුන් පවසන්නේ, රජයේ නිලධාරීන්ට සහ සේවකයන්ට රජය මගින් වැටුප් වැඩි කිරිමට පියවර ගෙන ඇතත් රජය මගින් තමන්ට වැඩි කළ රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීමට වතු සමාගම් පියවර නොගන්නා බවයි.
රටේ පවතින ජීවන වියදම අනුව තමන් ලබාගන්නා වැටුපෙන් ජිවත් විය නොහැකි බවත් ඔවුන් සඳහන් කරනවා.
උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් කියා සිටියේ, වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම්නි යෝගය ඉවත් කිරිමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බවයි.