25 C
Colombo
Friday, October 25, 2024

නාගරික උයනක් වෙන වගුරක්

- Advertisement -

රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, ශ්‍රී ජයර්වධනපුර ‌කෝට්ටේ, කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන තිබෙන බව සඳහන්.

ඒ යටතේ අත්කර ගන්නා ලද රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් අනවසර ඉදිකිරීම් සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් විසින් උත්සාහ දරන අතර එම ඉඩම් ආරක්ෂා කර ගනිමින් ඒවා පවරා ගැනීමේ අරමුණු වලට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මග පෙන්වීම යටතේ යෝග්‍ය සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීම සුදුසු බවට පෙනී ගොස් ඇති බව රජය පවසනවා.

ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටසක් ආදායම් උත්පාදන මාර්ග සහිතව ‌පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගනිමින් නාගරික උද්‍යානයක් ලෙස සංර්වධනය කිරීම පිණිස යෝජනා කැඳවීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...