30 C
Colombo
Thursday, September 19, 2024

පොහොර තහනම ගෝඨාභය ආණ්ඩුවේ වල් බූරු තීරණයක්- රතන හිමි

- Advertisement -

පොහොර ගෙන්වීම නැවැත්වීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ නොමනා තීරණයක් බව අපේ ජනබලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

“වස විස නැති රටක්” වැඩසටහන ප්‍රවර්ධනය කළ නිසා පසුව එම තීරණය සම්බන්ධයෙන් දෝෂාරෝපණ තමන්ට ආරෝපණය කර තමන්ව බිල්ලන් බවට පත්කළ බව රතන හිමියන් එහිදී පවසා සිටියා.

මෙම අදූරදර්ශී තීරණය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, එහි කැබිනට් මණ්ඩලය සහ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ 45 දෙනෙකු විසින් ගත් තීරණයක් බව රතන හිමි පැවසුවා.

විවිධ ආයතනවල වාර්තාවලට අනුව කෑම බීම නොමැති කමින් ග්‍රාමීය පාසල්වල සියයට 50ක  දරුවන් පාසල් හැර ගොස් තිබෙන බව උන්වහන්සේ පවසා තිබුණා.

“ඒක එදා ඔබතුමාගේ ආණ්ඩුව ගත්ත වල් බූරු තීරණයක්. ඒ චෝදනා අපට ආරෝපණය කළා. එයට අප සම්බන්ධ වූයේ අප “වස විසෙන් තොර රටක්” යන මතවාදය ප්‍රවර්ධනය කළ බැවින්. 2017 ඉඳන් 2019 වෙනකම් අපි ඒ විදියටම වැඩ කළා මිසක් පොහොර ගෙන්වීම නවත්වන්න කියලා අපි කිව්වේ නැහැ කියලා ඇමැතිතුමා විදියට ඔබ දන්නවා. ඒ ආණ්ඩුවට පොහොර දෙන්න සල්ලි නැති නිසා තමයි ඒ තීරණය ගත්තේ”

එළවලු මිල ඉහළ යෑම සහ මන්දපෝෂණය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රතන හිමියන් නැගූ ප්‍රශ්න මාලාවකට අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සමඟ කළ හරස් සංවාදයකදී රතන හිමියන් මෙම අදහස් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති කඩ කළොත් වැඩ වරදියි

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා  සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය...

ඡන්ද කාඩ් නිවෙස්වලට බෙදාහැරීම අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත...

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක්

ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...