28 C
Colombo
Saturday, September 14, 2024

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

- Advertisement -

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා.

ඇය මේබව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිවුලපිටිය ආසන සමුළුවට ඊයේ (14) එක් වෙමින්.

මහින්ද රාජපක්ෂ යනු කළු ගලක් මෙන් නොසෙල්වෙන නායකත්වයක් බවත් පක්ශයට සනත් නිශාන්ත නැති අඩුව මකන්නට හැකියාවක් තමාට තිබේනම් එය පක්ශය වෙනුවෙන් ලබා දෙන බවත් ප්‍රියංකා මහත්මිය පවසා සිටියා.

සනත් නිශාන්ත මහතාගේ මතකයන් ආවර්ජනය කරමින් ඇය කියා සිටියේ සනත් නිශාන්ත මහින්දට රාජපක්ෂට කඩේ යන බව පවසමින් මඩ ගැසිමට මාධ්‍ය පෙළ ගැසි සිටි බවත් එලෙස මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා ලෙස අහන්නට ලැබිම සනත් නිශාන්ත මහතාට සතුටට කරුණක් වු බවයි.

තවද යහපාලන ආණ්ඩුව ජනතාවට එපා වු මෙහොතක පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බීජය වපුරවන්ට මූලිකත්වය සනත් නිශාන්ත මහතා විසින් ගත් බව ඇය මෙහිදි සිහිපත් කළා.

”මගේ ඔලුව අතගාලා .මගේ පිටට තට්ටු කරලා මට කියනවා.මට පුලුවන් ඔයාට පුලුවන්ද.හැබැයි සනත් නිශාන්ත වගේ චරිතයක හෙවනැල්ලක් වෙන්නට මට දරාගැනිමේ ශක්තිය නොතිබුණා නම් කරන්නට බැහැ කියන එකයි මගේ විශ්වාසය.හැබැයි ඒ සියල්ල දරාගන්න එක කාන්තාවකට උතුම්වු ලක්ෂණය නම් මන් එ් සියල්ල දරා ගත්තා.කදුළු අස්සෙන් හිනා වුනානම් දුක අස්සෙන් හිනාවෙලා හිටියනම් වේදනාව දරාගෙන මේ චරිතයට ඉස්සරහට යන්නට උදව් වුන ගැහැණියක් තමයි මම .ඒ චරිතය නැති අඩුව පක්ෂයට යම් සේ දැනේද ඒ අඩුපාඩුව ඒ තරම් සාක්ශාත් කරන්න මට හැකියාවක් නැතිවෙයි…..නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් සනත් නිශාන්ත වෙනුවෙන් ඒ අඩුව අබ මල් රේණූවක් හරි මකන්නට හැකියාවක් මට තියෙනවනම් ඒ හයිය මම පක්ෂය වෙනුවෙන් දෙනවා.වනාතවිල්ලුවේ කෙළවරේ කොටි ගහනව කියන කොට පාන්දර දෙකයි…මම කිව්වෙ යනවනම් දෙන්නත් එක්කයන්…..එදා දෙන්නත් එක්ක යන්න එකඟවුණ ගමන එතුමා අද තනියම ගිහිල්ලා තියනවා….සමහර බිරින්දෑවරු දරුවෝ කුසේ දරා ගෙන මේ වේදනාව අපිට තිබුණා. ඒක අපි වින්දා.කාන්තාවෝ විදියට මේ දුක හොදට දැනුනා…මේ රටේ මේ තත්වය නැති කළානම් ඒ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවෙයි”

RECENT ARTICLES - SINHALA

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට දඩයක් වැඩ වරදින ලකුණු

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා. යම් සේවා යෝජකයකු මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...