28 C
Colombo
Thursday, May 1, 2025

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ට්‍රම්ප්

- Advertisement -

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබෙනවා.

ඒ, මිල්වෞකි නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි.

රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සි ප්‍රාන්තය මිල්වෞකි නගරයේ දී ඊයේ (15) ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වුණා

දින 04 ක් පුරා මෙම ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කෙරුණා.

අමෙරිකාව යළිත් විශිෂ්ට රාජ්‍යක් කිරීම වෙනුවෙන් ඔහු සිය උපරිම දායකත්වය ලබාදෙන බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

POPULAR ARTICLES

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

පකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...