28 C
Colombo
Saturday, September 14, 2024

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

- Advertisement -

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි හත තුළ මේ බව සඳහන්.

පාරිභෝගිකයාගේ ඉල්ලීම මත අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පවසා තිබුණා.

විදුලි බිල වත්කමක් බවත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර තිබෙනවා.

2030 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත් කිරීම, 2023 වර්ෂයේ අවසන් කාර්තුවේ පිරිවැය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන විගණනයක් කර කොමිෂන් සභාවට වාර්තා කිරීම ඇතුළු කොන්දේසි විදුලි බල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි අතර වන බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

අද විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...