28 C
Colombo
Saturday, September 14, 2024

ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස ටැටු ආයතනයේ හිමිකරුගේ මව?

- Advertisement -

ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන දුලාන් සංජුල නම් ටැටූ ආයතනයේ හිමිකරුගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තැනැත්තියක බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

ඇය ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන වලදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව සිටි බවත්, ඇයට විරුද්ධව නඩු දෙකක් (මතකයේ විදියට) තිබෙන බවත් තල්දූව මහතා වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝානතය කිරීමේ ලොකු පැටීගේ කොන්ත්‍රාත්තුව ලබාගත්තේ මෙම තැනැත්තිය බවට වාර්තා පළවුවත්, පොලිස් විමර්ෂනවලදී මෙතෙක් එවන්නක් අනාවරණය වී නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම ටැටූ දුලාන්ගේ සහෝදරිය හා ක්ලබ් වසන්ත නැමැත්තා අතර තිබෙන්නා වූ යම් කිසි සම්බන්ධයක් මුල් කරගනිමින් මෙම විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි බටව සමාජයේ කථාබහක් තිබුණද, එම කාරණය සම්බන්ධයක්ද තොරතුරු තහවුරු වී නොමැති බවද ඔහු පැවසුවා.

තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ වෙඩිකරුවන් යුද හමුදා සක්‍රිය සේවයේ නිරත වු බවට හෝ ඔවුන් රටින් පිටව ගිය බවට අනාවරණය වි නොමැති බවයි.

තවදුරටත් නුගේගොඩ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම් අටක් දහයක් අතර කණ්ඩායම් දෛනිකව ක්‍රියාත්මක වන බවත් දිවයින පුරා විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

”විමර්ශන කටයුතු පිළිබඳ මාධ්‍යට අනාවරණය කරන්න බැහැ…මාධ්‍යට අනාවරණය කිරිම තුළ යම් කිසි ආකාරයක විමර්ශනයකට බාධා වෙන්න පුලුවන්.අපි මාධ්‍යයෙනුත් ඉල්ලා සිටින්නේ ඔබ දන්නා යම් යම් තොරතුරු තිබෙන්න පුලුවන් සංවේදි තොරතුරු .සංවේදි තොරතුරු අනාවරණය විම තුළ විමර්ශන වලට බාධා වෙලා සැකකරුවන්ට ඉන් වාසිදායක තත්වයක් ඇති වෙන්න පුලුවන්.සැකකරුවන් රටින් පිටවෙන්න පවා යම්යම් හේතු ඇති වෙන්න පුලුවන්…..”


RECENT ARTICLES - SINHALA

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට දඩයක් වැඩ වරදින ලකුණු

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා. යම් සේවා යෝජකයකු මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...