නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සාදය සඳහා 20ත් 25ත් අතර පිරිසක් පැමිණ සිට ඇති බවටයි පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ.
හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කරමින් සාදය සඳහා පැමිණි අනෙක් පිරිස හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැරැති බවයි වාර්තාවන්නේ.