26 C
Colombo
Wednesday, January 22, 2025

ප්‍රතිකාර ලබමින් සිටි කේ.සුජීවා ගැන අලුත් ආරංචියක්

- Advertisement -

අතුරුගිරිය ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා මහත්මිය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දී ගායන ශිල්පිනියගේ පාදයකට උණ්ඩ දෙකක් වැදී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කේ. සූජීවාගේ සැත්කම් කිහිපයකින් අනතුරුව මුදල් ගෙවා ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ප්‍රතිකාර ලැබු අතර මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 8 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා.


RECENT ARTICLES - SINHALA

වතු ජනතාවට නව නිවාස

2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ...

සංජය මහවත්තට CID යෙන් කැඳවීමක්

සමාජ ක්‍රියාකාරී සංජය මහවත්තට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. හෙට පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ලංකාවට ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළා. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය...

POPULAR ARTICLES

වතු ජනතාවට නව නිවාස

2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ...

සංජය මහවත්තට CID යෙන් කැඳවීමක්

සමාජ ක්‍රියාකාරී සංජය මහවත්තට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. හෙට පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස...