31 C
Colombo
Friday, October 18, 2024

අතුරු තහනම් නියෝග 2ක්

- Advertisement -

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගනු ලැබූ තීරණය ‍ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කෙරුණා.

අතිරේක සාමාන්‍යාධිකාරී ධුරය සඳහා පත්වීම් සිදු කිරීමේදී ජ්‍යේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීමට එරෙහිව ඉංජීනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සමක් විභාග කිරීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...