29 C
Colombo
Tuesday, September 17, 2024

දයාසිරිගේ පැමිණිල්ලක් ගැන තීරණය කල්යයි

- Advertisement -

තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ  අතුරු තහනම් නියෝග පිළිබඳ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.

මෙම නඩුකරයට මැදිහත් වීමට තමන්ට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (23) අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

මීට අදාළව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ, ඔවුන්ට මෙම නඩුකරය සඳහා මැදිහත්වීමට අයිතියක් තිබෙන බවයි.

ඒ අනුව මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීමට දින ලබා දුන් දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...