29 C
Colombo
Friday, October 18, 2024

මුලති​ව්හි වෙඩිතැබීමක්

- Advertisement -

මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී කිසියම් නාදුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකි​න් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බව මුලතිව් පොලීසිය පවසනවා.

අදාල ගොවියා රාත්‍රියේ කුඹුරට ගොස් නිදා සිටින අතරවාරයේදී අද(24) අලුයම 3ට පමණ කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මරු කොට යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කල්විලාන් ප්‍රදේශයේ ගොවි සංවිධානයේ ලේකම් තනතුර​ද දර​න පුද්ගලයෙක්. 

ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව මෙම ගොවි​යා දැඩි සෙයින් විරෝධය පෑම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන් මෙම වෙඩිතැබීමට සම්බන්ධයක් ඇත්දැයි යන්න සැක සහිත බවටද පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක 'ඉන්ධන' යන වචනය...

පාස්කු විමර්ශන මැදට පනින්න එපා, ගම්මන්පිලට පිළිතුරක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොටගෙන දේශපාලනයේ නියැලීමෙන් වළකින ලෙස කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ‘The...

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...