25 C
Colombo
Sunday, December 29, 2024

මුදවන රබර් කිරි සහ ෂීට් රටින් ගේන්න අවසර

- Advertisement -

තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ  නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා තාක්ෂණික පිරිවිතර  රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රජය පවසනවා.

ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්‌තමේන්තුවේ ලියාපදිංචි වූ සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබූ ශ්‍රී ලාංකික තාක්ෂණික පිරිවිතර රබර් නිෂ්පාදන ආයතන සඳහා අවශ්‍ය මුදවන ලද රබර් කිරි සහ මුදවන ලද රබර් කිරි වලින් අඹරා සාදන ලද Sheets අපනයන කාර්යයන් සදහා තාවකාලිකව ආනයනය කිරීමේ යෝජනා ක්‍රමය (TIEP) යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

POPULAR ARTICLES

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...