28 C
Colombo
Tuesday, September 17, 2024

ෆොන්සේකයි රාජිතයි බටයක් ඇතුළෙ හිර වෙලා ඉන්නෙ – තුෂාර ඉඳුනිල්

- Advertisement -

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොදු ජන එක්සත් පෙරමුණේ සහයෝගයද නොලැබෙන බව පෙනෙන්නට ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

අද (24) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එක දවසක් හෝ බලයේ රැඳී සිටීමේ අරමුණෙන් මැතිවරණ රටාව වෙනස් කරමින් සමාජයේ පවතින සන්සුන් බවට බාධා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, සමගි ජන බලවේගයෙන් ඉවත් වී ජනාධිපතිවරයාට සහය දක්වන කවුරුන් හෝ සිටී නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බවයි.

“රනිල් වික්‍රමසිංහ මහතාට පොදු ජන එක්සත් පෙරමුනේ සහයෝගය ලැබෙන්නෙ නැති තත්වයක් පේන්න තියෙනවා. පොහොට්ටුවේ මත දෙකක්. අපේ මන්ත්‍රීවරු එනව කියල පාව දෙන්නත් එපා. අපෙන් එනවා නම් එන්නේ සත් ෆොන්සේකයි රාජිතයි විතරයි. අපේ අනිත් මන්ත්‍රීවරු එන්නෙ නැහැ.දැන් ඒ දෙන්නම බටයක් ඇතුළෙ හිර වෙලා ඉන්නෙ. බටේ එහා පැත්තට යන්නත් බැහ.මෙහා පැත්තට යන්නත් බැහැ.”    

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...