29 C
Colombo
Saturday, March 29, 2025

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතන ගැන තවත් තොරතුරු

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේ ඝාතනය කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතා හා ඇයගේ සහායකයාව බව පොලීසිය පවසනවා.

ඊයේ පස්වරු 5.50ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

ඒ, ත්‍රීරෝද රථයක ගමන් කරන කාන්තාවක් ඉලක්ක කරමින්.

එහිදී අදාළ කාන්තාව හා ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පොලීසිය පැවසුවේ, ත්‍රීරෝද රථයේ රියදුරු එම අවස්ථාවේදීම මියගොස් තිබූ බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අළුයම මියගොස් තිබුණා.

පොලීසිය පැවසුවේ එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, කේ. සුනීතා හෙවත් ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතා නම් කාන්තාවක් බවයි.

වෙඩි ප්‍රහාර 5ක් පමණ ඇයට වැදී ඇති බව වාර්තා වනවා.

ඇය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර යුක්තිය මෙහෙයුම ආරම්භවීමත් සමග සැඟව සිට ඇති බව පොලීසිය සඳහන් කළා.

ඇයට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විභාග වන නඩු කිහිපයක් ද ඇති බවද වාර්තා වනවා.

ඇය සමග ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා 31 හැවිරිදි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ.ආර්.දර්ශන නමැති ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාතියෙක්.

ඔහු ඇයගේ මත්ද්‍රව්‍ය ජවාරමේ සහායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි බවට සැකකෙරන යතුරුපැදියක් අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාවාදීම් හා මත්ද්‍රව්‍ය විකිණීම්වලට බාධාකිරීම් සම්බන්ධයෙන් ඇය සමග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අමනාපයෙන් සිට ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පල කරනවා.

පොලීසිය සඳහන් කළේ, එමෙන්ම රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

දේශබන්දුට සැඟව සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් පෙබරවාරි...

නාඳුනන පුද්ගල මළසිරුරක් වෙරළ තීරයකින් හමුවෙයි

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද...

ට්‍රාන්ස්ෆෝමරවල තඹ කම්බි කැපූ අයෙක් අත්අඩංගුවට

අධි බලැති විදුලි ධාරිතාවයකින් යුතු (33000) ට්‍රාන්ස්ෆෝමරයක සිට භූමියට සම්බන්ධ තඹ කම්බියක් කපමින් සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (29) අලුයම්...

POPULAR ARTICLES

දේශබන්දුට සැඟව සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් පෙබරවාරි...

නාඳුනන පුද්ගල මළසිරුරක් වෙරළ තීරයකින් හමුවෙයි

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද...

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වනවා. විදෙස් වාර්තා සඳහන් කර සිටියේ...