29.1 C
Colombo
Wednesday, April 9, 2025

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ දී පසුගිය අඟහරුවාදා(23) ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් 35 හා 48 වයස්වල පසු වන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර...

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව...

POPULAR ARTICLES

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර...

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ...