29 C
Colombo
Tuesday, September 17, 2024

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

- Advertisement -

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අගමැතිවරයා විධායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න කටයුතු කරන බවයි.

එසේම අවුරුදු 5 ක ජනාධිපතිවරයා පත් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග විසිකර දමලා රට පාලනය කරන්න පුලුවන් යැයි මන්ත්‍රීවරයා අවධාරණය කලා.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුගමනය නොකළ යුතු යැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ටත් අගෞරවයක් බව පවසා සිටියා.

තවද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග පාර්ලිමේන්තුවට වෙනස් කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පිළිබඳව අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවට බලතලයක් හෝ සුදුසුකමක් නැති බව ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...