29 C
Colombo
Friday, October 18, 2024

නීතිඥ සංගමයෙන් දේශබන්දු ගැන විශේෂ නිවේදනයක්

- Advertisement -

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිගේ පත් වීමට අදාළව මෑතකදී නිකුත් කරන ලද අතුරු නියෝගය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය පිළිබඳව තම මතය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුකරයන්හි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු නියෝග සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කරමින් රජය විසින් ගෙන ඇති ස්ථාවරය තරයේ හෙළා දකින බවයි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයන්හි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් නීතිපති සහ දේශබන්ද තෙන්නකෝන් මහතාගේ නීතිඥවරුන් ඇතුලු සියලු පාර්ශවකරුවන්ගේ නීතිඥවරුන්ගේ තර්ක සලකා බලා එම නඩුකර ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලද අතර, එම අවස්ථාවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම්, කාර්යයන් සහ බලතල මත රාජකාරි කටයුතුවල යෙදී සිටීම වලක්වාලමින් එකී නඩුකර අවසන් වශයෙන් අසා තීන්දු කරන තෙක් අතුරු නියෝගයක් ද නිකුත් කරන බව මෙහි සඳහන් වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණට ව්‍යාවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති පත් කිරීම පිළිබඳව විමසා බැලීමට අධිකරණ බලයක් නොමැති බවට වන රජයේ ස්ථාවරය අර්ථශුන්‍ය ස්ථාවරයක් බව නීතිඥ සංගමයේ මතය වනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 410 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ යට යටත් වන අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට ඇති ඵලය හැර අනෙක් සියලූ ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වන ව්‍යවස්ථාව අනුව) යටත් වන බවයි.

ජනරජයේ අගමැතිවරයා, කථානායකවරයා හෝ වෙනත් කිසිදු බලධරයකු හට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අවලංගු කිරිමට බලයක් නොමැති අතර විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණ තීන්දුවලට ගරු කිරීම නීතියේ ආධිපාතය හා අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා අත්‍යවශ්‍ය කාරණයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

රජය විසින් අධිකරණ තීන්දුවලට අවනත නොවෙමින් කටයුතු කිරීම මගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පලුදු වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ද බරපතල ලෙස හානිකර බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය පූර්ණ විශ්වාසය සපථ කරන අතර මෙම තීරණාත්මක අවස්ථාව දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධීකරණය ඇතුල ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය රැකගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බව සපථ කරන බව මෙම නිවේදයෙන් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

වාහන ආදයම් බලපත්‍ර ලබාගැනීම ගැන නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාතද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහා මාර්ග, වරාය...

ආදායම් බදු ගෙවීම ගැන විශේෂ දැනුම්දීමක්

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම්...

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කර තිබෙනවා. ඒ, බුද්ධශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...