28 C
Colombo
Friday, September 20, 2024

දේශපාලන උප්පරවැට්ටිවලින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟහරින්න බැහැ

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳ දරන ස්ථාවරය වෙනස් කරන ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රජය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් රජයේ නොසැලකිලිමත්කම, වගකීම් විරහිත බව පෙන්නුම් කරන අතරම එම හැසිරීමෙන් නීතියේ ආධිපත්‍යයටද  සෘජුවම තර්ජන එල්ල වී ඇති බව ජාතික සාම මණ්ඩලය අවධාරණය කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කටයුතු නොකිරීමට රජය ගෙන යන ක්‍රියා කලාපය නීති ගරුක පුරවැසියන් කණස්සල්ලට පත් කර ඇති බවත්  රටේ ඉහළම අධිකරණය විසින් ලබා දුන් තීන්දුව නොසලකා හරිමින් දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් පොලිස්පති ධූරයේ කටයුතු කළ යුතු බවට රජය තීරණය කර ඇති බවත් ජාතික සාම මණ්ඩලය පෙන්වා දෙනවා.

එම නිවේදනයෙන් ජාතික සාම මණ්ඩලය තවදුරටත් අවධාරණය කර ඇත්තේ වත්මන් රජය  විසින්, ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර බලතල මත රඳාපවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ධර්මතා නොසලකා හරිමින් කටයුතු කරන බව පෙනී යන බවයි.

රජය ප්‍රදර්ශනය කරන මෙම හැසිරීමෙන් නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමේ අවධානමක් මතු කරන බවත්  ඉන් රජයේ අනෙකුත් මට්ටම්වල නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් ලබා දෙන බවත් එම මණ්ඩලය තවදුරටත් සඳහන් කරනවා.  

.


RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...