31 C
Colombo
Thursday, December 26, 2024

ශානිගේ පෙත්සමට කමල්ට හා දේශබන්දුට නොතීසි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා.

ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරේ බව කියමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට නියම කරමින් එලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුණා.

රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති බවත් මේ තත්වය යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ බවත් පවසාසිටියා.

තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට නියම කළා.


RECENT ARTICLES - SINHALA

රූපවාහිනියේ අලුත් සභාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා අද (26) දින වැඩ භාරගෙන තිබෙනවා. හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති...

යාපනයේ මී උණ රෝගීන් ගණන ඉහළට

යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර...

මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අම්පාර, සංගමන්නකන්ද මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවෙකුගේ මළ සිරුරක් අද(26) උදෑසන හමුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, තිරුක්කෝවිල් මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී 17 හැවිදිරි දරුවෙකුගේ...

POPULAR ARTICLES

රූපවාහිනියේ අලුත් සභාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා අද (26) දින වැඩ භාරගෙන තිබෙනවා. හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති...

කෝලිට ICCයෙන් දඩයක්

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට්...

යාපනයේ මී උණ රෝගීන් ගණන ඉහළට

යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර...