31 C
Colombo
Thursday, September 19, 2024

පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය කාන්තාවකට පහර දීලා

- Advertisement -

පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට සහ ජාතික පොලිස් කොමිසන් සභාවට පැමිණිලි ලැබී තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට දීම ඇයගේ හිසට අත්මාංචුවලින් පහර දී ඇති බවත්, ඇයට පයින් පහර දී ඇති බවත් එම පැමිණිලිවල සඳහන් වනවා.

පහරදීමෙන් පසු ඇය පොලිසියේ රඳවාගෙන සිටියදී ඇයට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වැඩබලන පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් ඇය වහාම මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ භාරකරු ලෙස පොලිස් කාන්තාවකගේ නමක් ඇතුළත් කර තිබෙනවා.

මූලික ප්‍රතිකාරවලින් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය බදුල්ල රෝහලට මාරු කර යවා ඇති අතර ඇය එහි දින 06ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබෙනවා.

සුවය ලබා රෝහලෙන් පිටව ගිය ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ බදුල්ල කාර්යාලයට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

පොලිස් කොමිසන් සභාවේ සහ මානව හිමිකම් කොමිසන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඇයට මහියංගනය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුගෙන් සිදුවූ අඩත්තේට්ටම් ගැන මේ වන විට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බවයි. ‍

හේරත් මුදියංසේලාගේ පොඩි කුමාරිහාමි නම් මෙම පස්දරු මව මහියංගනය ජාතික පාසල අසල අක්කර පහක ඉඩමක ජීවත් වී ඇති අතර 1989 වසරේ දී ආණ්ඩුවේ ව්‍යාපෘතියක් සඳහා ඇගේ ඉඩම පැවරා ගැනීමෙන් පසු ඇයට වෙනත් ස්ථානයක ඉඩමක් රජයෙන් ලබාදී තිබෙනවා.

ඇය එම වසරේ සිට නිවසේ වත්ත මායිමේ වැලිගොඩ දැමීම සිදුකර තිබෙන අතර, 2006 ජූලි 25 වැනිදා මහියංගනය පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයකු ප්‍රමුඛ පොලිසියේ කිහිප දෙනකු එම ඉඩම මිලදී ගැනීම සඳහා කාන්තාවගෙන් ඉල්ලීම් කර ඇතත් ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ් අනුව, පොලිස් නිලධාරීන් පැමිණ තර්ජනය කළ අවස්ථාවක ඇය නිලධාරියකුට ඉදලකින් පහරදී ඇති අතර, ඒ් අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුව එම සිද්ධියට සම්බන්ධ නිලධාරියා ස්ථානමාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

නැවත 2014 වසරේ එම නිලධාරියා පොලිසියට පැමිණ ඇති බවත්, ඔහු ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු තම ඉඩම මැදිහන් ගොස් තමන්ගේ වැලි තොටුපොලින් වැලි ගොඩ දැමීම සිදු කර ඇති බවත්, දිගින් දිගටම එය සිදු කරද්දී පොලිසියට පැමිණීමට නොහැකි ලෙස ඇය වැලිතොටුපලට යන පාර වසා දැමූ බවත් ඇය විසින් කරන ලද පැමිණිලිවල සඳහන් වනවා.

එතැන් සිට මේ දක්වා ඇයට එරෙහිව පොලිසිය නඩු 38ක් පවරා ඇති බවත්, ඒ අතර මත්ද්‍රව්‍ය නඩු දෙකක් වන බවත්, එක් මත්ද්‍රව්‍ය නඩුවකින් නිදහස් වූ බවත්, මේ වන තෙක් පොලිසිය පැවරූ කිසිම නඩුවකට තමා වැරදිකරුවකු වී නැති බවත්, පොලිසිය තමාට සහ පවුලේ අයට හිරිහැර කරන්නේ සහ ව්‍යාජ නඩු පවරන්නේ 2014 දී පොලිසියට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසුව බවත් පොඩිකුමාරිහාමි මහත්මිය කළ පැමිණිලිවල සඳහන් වනවා.

මේ සියල්ලට එරෙහිව එම කාන්තාව ජාතික පොලිස් කොමිසමට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීට සහ පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...