27 C
Colombo
Wednesday, April 30, 2025

බීමතින් ස්කූටරයක් පැදවූ කේ-පොප් තරුව සමාව ගනී

- Advertisement -

සුපිරි කේ පොප් තරුවක් වන ෂුගා බීමතින් ස්කූටරයක් පැදවීම සම්බන්ධයෙන් සිය රසිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

සුප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයෙකු වන 31 හැවිරිදි Suga හෙවත්  Min Yoon-gi  Weverse හි සටහනක් තබමින් පවසා ඇත්තේ බීමත්ව ස්කූටරයක් ධාවනය කිරීම හේතුවෙන් එරට රථ වාහන නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.

තමාගේ නොසැලකිලිමත් සහ වැරදි හැසිරීම හේතුවෙන් සිත් තැවුලට පත්  සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු එම සටහන මඟින් පවසා තිබෙනවා.

“ඊයේ මම රාත්‍රී ආහාරය ගන්නා අතරතුර මත්පැන් පානය කර විදුලි ස්කූටරයක නැගී ආපසු ගෙදර ආවා. මම හිතුවේ ඒ කෙටි දුරක් කියලා, මත්පැන් පානය කර විදුලි ස්කූටරයක් පැදීමට නොහැකි බව මම දැනගෙන හිටියේ නැහැ. මගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට විදුලි ස්කූටරය නවතා තිබියදී මම තනිවම බිම ඇද වැටුණා, ඒ ආසන්නයේ සිටි පොලිසිය මගේ ශරීරයේ මත්පැන් මට්ටම මැන බැලුවා, ඔවුන් මට දඩයක් නියම කර මගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කළා,”

ෂුගා මේ වන විට  දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරන බැවින් ඔහුට විනය ක්‍රියාමාර්ගවලට යටත් වීමට සිදුවිය හැකි බව තවදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

POPULAR ARTICLES

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...