27.3 C
Colombo
Wednesday, April 9, 2025

විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

- Advertisement -

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය ඊයේ (07) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.

රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී ද ඒ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් එම නියෝගය නොතකා අදාළ දීමනාව ලබාදෙන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බව මැතිවරණ කොමිසම පැවසුවා.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...