30 C
Colombo
Tuesday, April 29, 2025

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කරලා

- Advertisement -

වියානාහි පැවැත්වීමට නියමිතව තිබූ ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කර තිබෙනවා.

ඒ, ආරක්ෂක හේතූන් මත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

‘Swift’s Eras’ සංචාරයේ කොටසක් වන මෙම සංදර්ශන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා ‘Ernst Happel’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

එම ප්‍රසංග අවලංගු කරමින් සංවිධායකයින් විසින් නිවේදනය කර තිබුණේ, අර්න්ස්ට් හැපල් ක්‍රීඩාංගනයේ සැලසුම්ගත ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ රජයේ නිලධාරීන් විසින් තහවුරු කිරීම හේතුවෙන්, සියලුදෙනාගේ ආරක්ෂාව සඳහා පැවැත්වීමට නියමිත සංදර්ශන තුන අවලංගු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඊයේ (07) දිනයේදී ‘ප්‍රහාර සැලසුම් කිරීම’ සම්බන්ධයෙන් වූ චෝදනා මත ඔස්ට්‍රියානු අගනුවරදී පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ද ගෙන තිබුණා.

අගනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිසිය සඳහන් කර තිබුණේ ISIS හි අනුගාමිකයෙකු ලෙස හඳුනාගත් 19 හැවිරිදි ඔස්ට්‍රියානු පුරවැසියෙකු සහ තවත් අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් එම 19 හැවිරිදි තරුණයා, ජුලි මාසයේදී ISIS නායකයාට පක්ෂපාතී බවට ප්‍රතිඥා දෙමින් අන්තර්ජාලය තුළ රැඩිකල්කරණයට ලක්ව ඇති බව ආරක්ෂක අංශ වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

කෙසේ නමුත් මෙම තත්ත්වය මත ප්‍රසංග අවලංගු කිරීම නිසාවෙන් අපහසුතාවට පත් රසිකයන් හට ඉදිරි දින 10 ඇතුළත මිලදී ගත් සියලුම ප්‍රවේශපත්‍ර සඳහා ආපසු ගෙවීම් කරන බවත් ප්‍රසංග සංවිධායකයින් විසින් දැනුම් දී තිබෙනවා.

ටේලර් ස්විෆ්ට්ගේ වාර්තාගත Eras සංචාරය 2023 මාර්තු 18 වන දින ඇරිසෝනා හි Glendale හිදී ආරම්භ වූ අතර එය කිහිප වතාවක්ම දීර්ඝ කරනු ලැබුවා.

එතැන් පටන් එය එක්සත් ජනපදය, දකුණු අමෙරිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව හරහා ගමන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

POPULAR ARTICLES

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...