31 C
Colombo
Tuesday, September 17, 2024

Breaking: ගෝඨාගේ තවත් මොට්ට වැඩකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

UPdate: 12.40 PM

ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ක් බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළා.

තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, ආනන්ද විජේපාල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් අදාළ පෙත්සම් මගින් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර කොමිසමේ සාමාජිකයින් විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා.

ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අදාළ කොමිසමේ  සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබුණා.

……………………………………………………………………………………………………..

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහ​තා විසින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ලබා දීමට පත්කළ ජනාධිප​ති විමර්ශන කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා​ව 2020 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ඡන්දේ දවසට පැමිණිලි වාර්තා කරන්න අංක කිහිපයක්

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද...

භීෂණය පතුරුවන වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

දැන් වැටෙන්න බෑ.ඒකයි වරම ඉල්ලන්නේ-රනිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ ඊයේ...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...