වැලිපැන්න ප්‍රදේශයේ අළුත්ගම මතුගම මාර්ගයේ දී ඊයේ (09) මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මතුගම දෙස සිට අළුත්ගම දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් කාන්තාවක් සහ වයස අවුරුදු 06ක දැරියක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එහිදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 34ක් වූ දගානග ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.