කිසිවෙකුටත් සහය නොදෙන බව පැවසූ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර තිබෙනවා.
මිහින්තලයේදී අද (12) පැවැති හමුවකදී උන් වහන්සේ මේ බව පවසා තිබුණා.
තමන් වහන්සේ පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගැනීමට විපක්ෂ නායකවරයා කැමැත්ත පළ කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
“අපි කියන්නේ අපි මේ වෙලාවේදී සජිත් ප්‍රේමදාස බලය ලබාදීලා කනෙන් අල්ලලා වැඩ කරන්න පටන් ගමු. සජිත් ප්‍රේමදාසටත් සෙල්ලම් කරන්න බැහැ. මේ රට තුළ වහල්ලු නැහැ, වලව් නැහැ, රදලයෝ නැහැ ඉන්නේ මිනිස්සු”
කිසිවෙක් පිළිබඳව තවදුරටත් විශ්වාසයක් නොමැති නිසා තමන් ජනාධිපතිවරණයට වෙනම ම තරග කරන බව වරෙක වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවා.