අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.
12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා, බස් නැවතුම අසලට පැමිණ සිටිය දී එම විද්‍යාලයේම විද්‍යා අංශයේ සිසුන් හය දෙනෙකු පැමිණ කුඩ වලින් සහ අතින් පයින් පහරදි තිබෙන බව සඳහන්.
පහරකෑ සිසුවාගේ වම් අතෙහි වැලමිට අසල සහ පාදයේ වළලුකර අසල සුළු තුවාල සිදුවි ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්දයෙන් අම්පාර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.