ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියක දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඉන්දියාවේ විශාලතම වෛද්‍යවරුන් කණ්ඩායම වන ඉන්දියානු වෛද්‍ය සංගමය (IMA) පවසා ඇත්තේ රට පුරා පවතින අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක නොවන සියලුම රෝහල් අද (17) දිනයේ වසා දමන බවයි.
කාන්තාවන් සඳහා සුරක්ෂිත පරිසරයක් නොමැතිකම හේතුවෙන් මෙවැනි ම්ලේච්ඡ අපරාධයක් සිදුව ඇති බවත් මෙම අසාධාරණයට යුක්තිය ඉල්ලීමේ සටනට සහය දක්වන ලෙස ඉන්දියාවේම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා තිබෙනවා.