28 C
Colombo
Saturday, April 5, 2025

රනිල්ගේ මොට්ට වැඩකට මැතිවරණ කොමිසමෙනුත් බකට් එකක්

- Advertisement -

රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි  රාජ්‍ය නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවීමට සැලසුම්කර තිබු  රුපියල් දස දහසක  දීමනාව ලබා දීම සහ ප්‍රශංසා සහතික පත් නිකුත් කිරීම සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ එම ඇගැයීම් දීමනාව සහ ප්‍රශංසා සහතික ලබා දීම ඡන්ද විමසීමෙන් පසුව සිදු කරන ලෙසයි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති මෙම කාලසීමාවේදී මෙවැනි අමතර ඇගැයීම් දීමනාවක් ලබා දීම දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමක් විය හැකි බැවින් එම කටයුතු මේ මොහේතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

ජූලි 08 සහ 09 දිනවල පැවති  වැඩවර්ජනයට එක් නොවූ විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන්ට මෙම මස වැටුපට රුපියල් දස දහසක මුදලක් සහ ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

POPULAR ARTICLES

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව...