25.4 C
Colombo
Saturday, November 23, 2024

ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) සිව්වන දිනටත් පැවැත්වෙනවා.

මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය තුන්වැනි දිනට ඊයේ නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 204 ක්.

ඒ අනුව, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින ලකුණු ගණන 82ක්.

කඩුල්ලේ රැඳී සිටින කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් රැස්කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 65ක් රැස්කිරීමට සමත් වුණා.

ඔහු හැරෙන්න දිමුත් කරුණාරත්න ලකුණු 27ක් රැස්කළ අතර, වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 11කට වැඩි ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා

නායක ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 11කට සීමා වූ අතර, පළමු ඉනිමේදී වාර්තාගත අර්ධ ශතකයක් ක්‍රීඩාකළ මිලාන් රත්නායකට මෙවර රැස්කළ හැකිවූයේ ලකුණු 10ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ මේ වනවිට පන්දුවට පහරදීමට ඉතිරිව සිටින්නේ ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු පමණි.

මෙම තරගයේ පළමු ඉනිමේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 358ක් රැස් කළා.

RECENT ARTICLES - SINHALA

නව මන්ත්‍රීන් වෙනුවෙන් දින 3ක වැඩමුළුවක්

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා....

වසරේ ගත වූ කාලය තුළ අල්ලස් චෝදනාවලට 73ක් අත්අඩංගුවට

ගත වූ මාස 10 තුළ අල්ලස් ලබා ගැනීමේ  සිද්ධි සම්බන්ධයෙන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම...

නිධානය සොයා අදත් කැණීම්

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉදිකරමින් පවතින...

POPULAR ARTICLES