25 C
Colombo
Wednesday, March 19, 2025

ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාර අරන්

- Advertisement -

ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබෙනවා.

ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ පලස්තීනය ඇතුළු ලොව පුරා පීඩාවට පත්වී සිටින මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පළිගැනීමේ අරමුණින් කිතුණුවන් ඉලක්ක කළ ප්‍රහාරකයා IS සංවිධානයේ සෙබළෙකු වන බවයි.

පිහිඇනුමට සම්බන්ධ 15 හැවිරිදි තරුණයෙකු ද ඇතුළුව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු පිහිඇනුම සිදුකළේ තමන් බව පවසමින් පොලීසියට භාරවී තිබෙන බව සඳහන්.

ඊයේ (24) මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

එහිදී අපරාධකරු විසින් එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයින්ට මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පලාගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්

සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වුණා. අයවැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින් ඊයේ(18)...