26.8 C
Colombo
Sunday, April 6, 2025

පැහැර ගැනීමට ලක් වූ බෙලරූසියානු මාධ්‍යවේදියා රාජ්‍ය රූපවාහිනියේ හඬා වැටීම සහ මාධ්‍ය මර්දනයේ නින්දිත ස්වරූපය

- Advertisement -

ග්‍රීසියේ සිට ලිතුවේනියාව දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයක් බෙලරූස් හි දී පැහැර ගැනීමකට ලක් වූයේ නොබෝදාය.

ගුවන් යානය හදිසි ගොඩබැස්වීමකට ලක් කළේ ඒ තුළ බෝම්බයක් පැවතීම හේතුවෙන්යැයි පසුව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ ද ගුවන් යානය පැහැර ගැනීමට ආසන්නතම හේතුව වූයේ බෙලරූස් ජනාධිපතිවරයාට හිසරදයක් වූ මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමට බව මේ වන විට රහසක් නොවේ.

ඔහු 26 හැවිරිදි රෝමන් ප්‍රොටසෙවිච්ය.නෙක්ස්ටා නම් මාධ්‍ය ආයතනයේ හිටපු සංස්කාරකවරයකු වන ප්‍රොටසෙවිච් බෙලරූස් ජනපති ඇල්ක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ රජය බරපතල ලෙස විවේචනය කරනු ලැබූ මාධ්‍යවේදියකි.ඔහු ලුකෂෙන්කෝගේ දූෂණ වංචා රාශියක් අනාවරණය කරනු ලැබුවේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රොටස්විච් ප්‍රථම වරට පසුගිය බ්‍රහස්ප්තින්දා එරට රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටියේය.ඒ කඳුළු පිරුණු දෑසින් යුතුවය.

එහිදී පසුගිය වසරේ එරට ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව මෙහෙයවූ බව සමස්ත රට වැසියා ඉදිරියේ පාපෝච්ඡාරණය කිරීමට ප්‍රොටසෙවිච්ට සිදු වූ අතර ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ වෙනුවෙන් ප්‍රශංසා වැයීමට ද ඔහුට සිදු වූයේය.ඔහු එම අවස්ථාවේ හඬමින් දෑතින් මුහුණ වසා ගත්තේය.මෙය මෑත ඉතිහාසයේ මාධ්‍යවේදියකු මර්දනය කළ නින්දිත සහ කැතම ස්වරූපයන්ගෙන් එකක් විය යුතුය.ඕනෑම රාජ්‍යයක පාලන තන්ත්‍රයකින් නිදහස් මාධ්‍ය භාවිතයට එරෙහිව දිගුකළ හැකි භයානකම මර්දන පිළිවෙත වන්නේ ඝාතනයයි.නොමරා මැරීම ද ඊට දෙවැනි නොවන භයානක ආයුධයකි.රෝමන් ප්‍රොටසෙවිච්ට එරෙහිව ලුකෂෙන්කෝ රජය ක්‍රියාත්මක කරන්නෙ එයයි.

සිය පුතු ලබා දුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් ඔහුගෙ පියා දිමිත්‍රි ප්‍රොටසෙවිච් පවසන්නේ මේ කිසිවක් තමන්ගේ පුතුගේ අදහස් විය නොහැකි බවයි.මෙම වීඩියෝව අපයෝජනය,වධ හිංසා පමුණුවීම සහ තර්ජනයේ ප්‍රතිඵලයක් මිස අන් කිසිවක් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

“මම මගේ පුතා ගැන ඉතා හොඳින් දන්නවා.ඔහු කිසිවිටකත් මෙවැනි දේ ප්‍රකාශ කරන්නේ නැහැ.ඔවුන් ඔහුව බිඳ දමා ඔවුන්ට අවශ්‍ය දේ කියවා ගැනීමට බල කර තිබෙනවා,සම්මුඛ සාකච්ඡාව නැරඹීම මට මහත් වේදනාවක් වුණා.මම දැඩිව කණසල්ලට පත් වී සිටිමි”යයි ඔහු බිඳුනු හදින් යුතුව ප්‍රකාශ කර ඇත්තේ එබැවිනි.

මේ වන විට බෙලරූසියානු රජය ප්‍රොටසෙවිච් ට එරෙහිව සමූහ විරෝධතා සංවිධානය කළ බවට චෝදනා ගොනු කර තිබේ.එය එරට නීතිය අනුව පුද්ගලයෙක් වසර 15 ක් දක්වා සිරගත කිරීමට හැකි වරදක් වේ.

බෙලරූසියානු විපක්ෂය, රජයේ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාව නැරඹීම වේදනාකාරී වූ බවත් ඔහු පාලන තන්ත්‍රයේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇතැයි සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රොටසෙවිච් සහ ඔහුගේ පෙම්වතියටත් පාපෝච්චාරණය වීඩියෝ වෙනුවෙන් පෙනී සිටීමට සිදු විය.

දඩබ්බර ලෙස සිදු කරන ලද මෙම පටිගත කිරීම් ආණ්ඩුවේ විවේචකයන් මර්දනය කිරීමේ පොදු උපක්‍රමයක් බව මේ වන විට තහවුරු වී හමාරය.

අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මේ වන විට යුරෝපා සංගමය එරට ගුවන් සේවය වන බෙලාවියා ගුවන් ගමන් ‍රටවල් තුළට පැමිණීම අත්හිටුවා තිබේ.එමෙන්ම යුරෝපා සංගමය පදම් කරගත් ගුවන් සමාගම් බෙලරූසියාව හරහා ගුවන් ගමන් නැවැත්වීමට ද කටයුතු කර ඇත.

එකී විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් බෙලරූසියාව විපක්ෂ උද්ඝෝෂණ මර්දනය කරමින් දහස් ගණන් රඳවා තබා සිරගත කිරීම ඇතුළුව විපක්ෂ නායකයින් පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටියි.

මේ තත්ත්වය තුළ ප්‍රොටසෙවිච්ගේ ඉරණම කුමන අතකට දෝලනය වේද යන්න පැහැදිලි නැත.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...