26.3 C
Colombo
Saturday, March 15, 2025

ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

සැකකරු  එම වෙඩික්කරුට සංවිධානාත්මක අපරාධකරු  කන්ජිපාණී ඉම්රාන්ගේ ඉල්ලීම මත දින 25ක කාලයක් සිය නිවසේ නවාතැන් ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර, ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අදත් දුම්රියක් පීලි පැනලා

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - කොළඹ කොටුව...

ජනපති සහභාගී වූ විශේෂ ඉෆ්තාර් උත්සවය

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඉස්ලාම් ආගමික නායකයින්...

ඉරාන තෙල් බෙදපු මෙරට සමාගමකට සම්බාධක

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් "ෂැනන් 2"...

POPULAR ARTICLES