31 C
Colombo
Wednesday, September 18, 2024

උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පීට රට ගමන් තහනම්

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සැකකරුවකු ලෙස නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) දැනුම් දී තිබෙනවා.

‘මව්බිම’ වාර්තා කළේ එහිදී  හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම විදෙස්ගත වීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා, කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ආගමන විගමන පාලකවරුන්ට වෙන් වෙන් වශයෙන් තහනම් නියෝග දෙකක් නිකුත් කළ බවයි.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෝසමක් මඟින් යළි කැඳවා වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දැක්වීමක් සලකා බලමින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම් නියෝග නිකුත් කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මේ වන විට සැකකරුවකු ලෙස නම් කර ඇති බවයි.

ඒ අනුව, ඔහු අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචිව සිටි මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගියද එම නිවසේ ඔහු හෝ පවුලේ කිසිවකු නොමැති බවත්, ඔහු සිටින වෙනත් ස්ථානයක ලිපිනයක් හෝ පදිංචි ස්ථානයක් පවා සොයා ගැනීමට නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට පවසා තිබෙනවා.

කෙසේවෙතත්, සැකකාර සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම විදේශ රටක සිට මේ වන විට දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

තවද, සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා යළි විදේශ ගතවීමේ උත්සාහයක් පවතින බවටද තොරතුරු ලැබී ඇති බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පොලිසිය ඒ අනුව ඔහුට විදේශ ගතවීම වළකාලමින් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග නිකුත් කරන්නැයිද ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, එම කරුණු දැක්වීම් පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතාට විදේශ ගතවීම වළකාලමින් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ආගමන විගමන පාලකවරුන්ට වෙන් වෙන් වශයෙන් තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම , මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට තවදුටරත් නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් එලෙස අත්අඩංගුවට ගත හොත් තමා ඇප මත මුදාහරින ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය මීට පෙර ප්‍රතික්ෂේප කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය මුලික කරුණු දැක්වීමිවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ දිනයේ ඒ ආසන්නයේ මාර්ගයක සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු ආරක්ෂිත කැමරා දර්ශනවල  සටහන්ව ඇති බවයි.

එම දර්ශනවල සටහන්ව ඇති සුදු පැහැති මෝටර් රථය අදාළ වෙඩි ප්‍රාහාරය එල්ල කිරීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කරන බවද  දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පොලිසිය එහෙත් ස්ථිරවම ඒ බව තහවුරු කර ගැනීමට තරම් අදාළ දර්ශන පැහැදිලි තත්ත්වයේ නොපවතින බවද පවසා තිබෙනවා.

ඒ හේතුවෙන් අදාල දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමට අවසර ලබා දුන් ප්‍රධාන මහෙස්ත්‍රත්වරයා එකී රස පරීක්ෂක වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

මේ අතර මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන අනුරාධපුරයේ හිටපු සහකාර පොලිස් අධිකාරීවරයකු පරිහරණය කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොයා ගත් පිස්තෝල හිස් උණ්ඩ විමර්ශනයක් සඳහා මීට පෙර අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යවනු ලැබුවා.

එලෙස යැවුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකුට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබූ රාජකාරී පිස්තෝලයෙන් බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදීයි.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සදහා අදාළ පිස්තෝලය සිය භාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කරගත් බවද  වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබුණා.


RECENT ARTICLES - SINHALA

හිස්වැසුමක් නිසා දුම්රිය නියාමකවරු පිරිසක් වර්ජනයක

අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා . ඒ, එම අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ දුම්රිය නියාමකවරයෙක්ට අයත් යතුරුපැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම...

ගෝඨාභය පව් එයාව බිලිදුන්නා – අනුර

ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා....

පොලිස් සැරයන්වරයෙක්ට පහර දුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා. බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...