රුපියල් දස දහසක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී හැත්තෑ හය හැවිරිදි කාන්තාවකගේ කරාබු යුගලය කොල්ල කා , ගෙල පාදයෙන් සිරකොට ඝාතනය කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසනවා.
ආනමඩුව නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු මීට පෙර ඝාතනය වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් බ්ලොක් ගල් ව්‍යාපාරයක කම්කරුවකු ලෙස සේවය කල අයකු බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මියගිය කාන්තාව පමණක් නිවසේ රැඳී සිටි අවස්ථාවකදී නිවසට පැමිණ ඇයගෙන් රුපියල් දස දහසක් ඉල්ලා තිබෙන අතර එවනි මුදලක් දීමට තමන් සතුව මුදල් නොමැති බව පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබෙන බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාවේ පදිංචි දෝන ලීලා අබේරත්න නමැති (76) හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසනවා.