පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, කහටගස්දිගිලිය – රන්පත්විල ප්‍රදේශයේ පදංචිව සිටි ආර්.ඩබ්.එම්.ජී.අබේරත්න නැමති 52 හැවිරිදි විශ්‍රාමික හමුදා භටයෙක්.
කහටගසදිගිලිය පොලිසිය පවසන්නේ, මෙම පුද්ගලයා පුංචිහල්මිල්ලෑව කුඹුරැ යායට පැමිණි වන අලියන් පලවා හැරිමට ගොස් සිටියදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.