27 C
Colombo
Thursday, September 19, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

- Advertisement -

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා.

එය සංවිධාන කර තිබුණේ, එරට වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් විසින්.

ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලකරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් කඩකළ රාජ්‍යක් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසයි.

ඔවුන් එහිදී චෝදනා කළේ, තම දෙමළ ප්‍රජාවට ශ්‍රී ලංකාව තුළ කිසිඳු අයිතිවාසිකමක් නොමැති බවත් සිය මානව හිමිකම් කඩවන බවත් පවසමින් සහ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ රටක් ලෙසටයි.

මෙම විරෝධතාකරුවන් එම විරෝධතාව පැවැත්වූයේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නිල ලාංඡනයද ප්‍රදර්ශනය කරමින්.

ඊට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන තිබු අතර, තම නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත්, වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා නොපිළිගන්නා බවත් විරෝධතාකරුවන් පැවසූ බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ගවහිමියෙක් වෙඩි තබා මරාදමලා

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල...

ඡන්දෙට බාර් වහන දවස්

ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්විම හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 21වනදා හා 22...

පහේ ශිෂ්‍යත්ව අවුල

ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස්...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...