27 C
Colombo
Thursday, September 19, 2024

රිය අනතුරට ලක් වුණ තරුණයාට තවත් අනතුරක්

- Advertisement -

රිය අනතුරකට ලක්ව මාර්ගය මැද වැටී සිටි යතුරු පැදිකරුවෙක් ආයාසයෙන් නැගිටීමට උත්සාහ දැරීමේදී පිටුපසින් පැමිණි ජීප් රථයක් එම  යතුරු  පැදිකරු තවත් අනතුරකට ලක්කර  පලා ගොස් ඇති බව කොට්ටාව පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඔහු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඔහු මේ වනවිට ශල්‍ය කර්ම දෙකකට ලක් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.

අනතුරට පත් තරුණයා  රාත්‍රී සේවා මුරය නිමවා කොළඹ සිට හයිලේවෙල් මාර්ගය ඔස්සේ කොට්ටාවට එමින් සිටියදී අලුයම 05.20 පමණ ඔහු පැමිණි යතුරු පැදිය මහල්වරාව හන්දිය ආසන්නයේදී මාර්ගය මැද ලිස්සා මීටර් 50 පමණ දුරක් ඇදී ගොස් මෙම  අනතුර සිදුව  තිබෙනවා.

අනතුරින් පසුව ජීප් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර මේ වන විට ජීප් රථය සොයා පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ගවහිමියෙක් වෙඩි තබා මරාදමලා

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල...

ඡන්දෙට බාර් වහන දවස්

ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්විම හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 21වනදා හා 22...

පහේ ශිෂ්‍යත්ව අවුල

ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස්...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...