27 C
Colombo
Thursday, September 19, 2024

මහදවාලේ මැතිවරණ නීති කඩන රනිල්ගේ රාජ්‍ය ඇමති

- Advertisement -

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා හා හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පාක්ෂිකයින් පිරිසක් ඊයේ (08) පස්වරුවේ දඹුල්ල නගරයේ අත්පත්‍රිකා බෙදමින් සිටියදී පොලිසිය විසින් එය විසුරුවා හැර තිබෙනවා

එය වැළැක්වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වු බවට වාර්තා වනවා.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් හා ජනක බණ්ඩාර මහතා පාක්ෂිකයින් පිරිසක් ද සමග දඹුල්ල නගර මධ්‍යයේදී ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක යෙදී සිට තිබුණා.

100කට අධික පිරිසක් මෙලෙස දඹුල්ල නගරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිට තිබු අතර එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් පොලිසිය විසින් එය වැළැක්වීමට පියවර ගත් බව පැවසෙනවා.

කෙසේවෙතත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම පිරිස විසිර ගිය බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ගවහිමියෙක් වෙඩි තබා මරාදමලා

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල...

ඡන්දෙට බාර් වහන දවස්

ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්විම හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 21වනදා හා 22...

පහේ ශිෂ්‍යත්ව අවුල

ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස්...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...