30 C
Colombo
Thursday, September 19, 2024

බිම්ෂානිගේ තනතුර ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.

වසර 154ක් වූ පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථමවරට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලැබූ තමා එම තනතුරේ ස්ථීරව පිහිටුවා තනතුරට අදාළ වරප්‍රසාද වගකීම් ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසින් ආරච්චි මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

ඒ අනුව ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කාරිය අදාළ තනතුරට පත් කිරීම සඳහා කරුණු සලකා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා.

පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් කටයුතු කළ තම සේවාදායිකාව වසරක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම සඳහා විදේශගත වූ බවයි.  

වසරක සේවා කාලය අවසාන වී මෙරටට පැමිණීමෙන් පසුව තම සේවාදායිකාවට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට අවසර නොදුන් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළා.

මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු 14 දෙනෙකු නම් කර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 28ක විශිෂ්ට සේවාවක් ඉටුකළ තමා 2023.06.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙස පත්කරනු ලැබුවත් මෙතෙක් එම තනතුරේ ස්ථීර සේවයේ පිහිටුවා නොමැති බවත් අවශ්‍ය සියලුම සුදුසුකම් සියල්ල සපුරා තිබියදීත් නිසි බලධාරීන් තමන්ට එලෙස කුඩම්මාගේ සැලකිල්ලක් දක්වා ඇති බැවින් ඒ මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කාරිය සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා.

එබැවින් වහාම තමා පෙර කී තනතුරට පත්කර ලබාදිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙසට නියෝගයක් කරනා ලෙසත් පෙත්සම්කාරිය එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ සියලු පාසල් හෙට නිවාඩු

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා...

මිදිගම වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු...

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති කඩ කළොත් වැඩ වරදියි

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා  සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...