30 C
Colombo
Thursday, September 19, 2024

Breaking:තවත් රාජ්‍ය අමාත්‍යවරු 5 ක් දොට්ට

- Advertisement -

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවයි.

ඒ් අනුව මෙලෙස ඉවත් කළ සෙසු පිරිස වන්නේ වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අමිත් තේනුක විදානගමගේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර තිබෙන බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මීට ටික වේලාවකට (19) පෙර ගාල්ලේ දී ආරම්භ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී...

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම...

රජයේ සියලු පාසල් හෙට නිවාඩු

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...