31 C
Colombo
Thursday, September 19, 2024

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිරියාලේ පැවති ජන රැළියක් අමතමින් කුට්ටිආරච්චි මහතා සදහන් කළේ එල්ටීටීඊය පරාජය කළ බවට පැවසුවද තවමත් එය අවසන්ව නොමැති බවයි.

මේ හේතුවෙන් 21 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඔහුව නිල නිවසින්ද එළියට දැමුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ඉඩ ඇති බවට තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ගෝල්ෆේස් ප්‍රහාරය එල්ලවූ මැයි 09 වැනිදා දිනයේද අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සූදානමක් පැවති බවත් ත්‍රිකුණාමලය නාවුක හමුදා කදවුරට රැගෙන ගොස් ඔහුගේ ජීවිතය බේරාගත් බවත් කුට්ටිආරච්චි මහතා රැළිය අමතමින් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...